භික්ෂුවකට අකැප දේ කළ නා හිමි නමක් සිපිරිගෙට

නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් ලෙස සැලකෙන හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි විහාරාධිපති හිමි නමක් පෙරේදා (08) දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තැබීමට නියෝග කෙරුණා.

මෙම සැකකාර හිමිනම සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්රැම් 200ක් තිබී සොයාගැනුණේ කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය 07 දින භාතියගම පෙදෙසේ සිදු කළ හදිසි මෙහෙයුමක දී හෙරොයින් සමග අත්අඩංගුවට ගත් තරුණයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී යි.

තමා විහාරාධිපති හිමියන් සමග එක්ව හෙරෝයින් පානය කළ බව එම තරුණයා පොලීසියට පවසා තිබෙනවා.

ඒ අනුව පොලීසිය විසින් විහාරස්ථානයේ සිදු කරන ලද පරීක්ෂා කිරීමේ දී මෙම හෙරොයින් ප්‍රමාණය සොයාගැනීමට පොලීසියට හැකි වුණා.

මෙම හිමිනම 2024 වර්ෂයේ ජනවාරි මාසයේ දී ද හෙරොයින් සන්තකයේ තබාගෙන අත්අඩංගුවට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

කන්තලේ කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි තිස්ස විතානගේ මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අකිල කරුණාරත්නගේ මෙහෙයවීමෙන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් මුණසිංහ ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම සිදු කරනු ලැබුවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කන්තලේ – භාතියගම පෙදෙසේ විහාරස්ථානයක 40 හැවිරිදි විහාරාධිපති හිමි නමක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26