භාරතය පරදා ඕස්ට්‍ර්ලියාවට විශිෂ්ට ජයක්

සංචාරක ඉන්දියාව සහ ඕස්ට්‍ර්ලියාව අතර තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවන තරගයේ විශිෂ්ට ජයක් වාර්තා කරන්නට ඕස්ට්‍ර්ලියාවට අද (08) හැකියාව ලැබුණා.

ඉන්දියාව පරදා ඕස්ට්‍ර්ලියාව මෙම තරගය ජයගත්තේ කඩුලු 10 කින්.

ඇඩිලේඩ් හිදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව පළමු වෙනුවෙන් සියල්ල දැවී ලකුණු 180ක් රැස් කළා.

ඉන්දීය පළමු ඉනිම සුනු විසුනු කළ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් කඩුලු 06ක් බිඳ දැමුවා.

අනතුරුව පළමු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍ර්ලියාව ලකුණු 337ක් සිය ලකුණු පුවරුවට එක් කළ අතර, එහිදී ට්‍රැවිස් හෙඩ් ලකුණු 140 රැස්කරමින් පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වුණා.

එහිදී ජස්ප්‍රිත් බුම්රා සහ මොහොමඩ් සිරාජ් කඩුලු 04 බැගින් බිඳ දැමුවා.

අනතුරුව ඕස්ට්‍ර්ලියා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් පසු පසින් සිටිමින් දෙවන ඉනිම ආරම්භ කළ ඉන්දියාව දෙවන ඉනිම සඳහා ඔවුන්ට සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 175ක් පමණයි.

ඉන්දීය දෙවන ඉනිම කඩා බිද දැමු නායක පැට් කමින්ස් කඩුලු 05ක් සහ ස්කොට් බෝලන්ඩ් කඩුලු 03ක් බිද දැමුවා.

ඒ, අනුව ජයග්‍රහණය සඳහා ඕස්ට්‍ර්ලියාවට හිමි වූ ඉලක්කය ලකුණු 19ක්.

එම ඉලක්කය කිසිදු කඩුල්ලක් නොදැවී පසුකර ගිය ඕස්ට්‍ර්ලියාව මෙම තරගය ජයගෙන තරග පහකින් සමන්විත තරගාවලිය එකට එකක් ලෙස සම තත්තත්වයට රැගෙන ආවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45


?