භාරකාර ජනාධිපතිතුමා හර්ෂ ද සිල්වා.. නාමල් රාජපක්ෂගේ සහයත් හිමිවෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (06දා) දිනයේ සිදු කළ අදහස් දැක්වීමත් සමග පාර්ලිමේන්තුව අද (07දා) ආරම්භ වීමට පෙර විශේෂ සිදුවීමක් විය.

හරීන් ප්‍රනාන්දු මහතා පෙරේදා දිනයේ පාර්ලිමේන්තුවේදී කවුරුන් හෝ ජනාධිපති ධුරය භාර ගැනීමට සූදානම් නොමැති නම් හර්ෂ ද සිල්වා මහතා මාස 06ට ජනාධිපති ලෙස පත් කරන ලෙස සඳහන් කළ අතර, ඒ අනුව අද දිනය ආරම්භ වීමට ප්‍රථම සභා ගර්භයේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැන් කිහිප දෙනෙක් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට ‘භාරකාර ජනාධිපතිතුමා’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සිදු කළහ.

පළමුවෙන් රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර මහතා විසින් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාට ‘භාරකාර ජනාධිපතිතුමා’ යනුවෙන් ආමන්ත්‍රණය කිරීම සිදු කළේය.

ඔහු එලෙස ආමන්ත්‍රණය කිරීමෙන් පසු හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ‘භාරකාර ජනාධිපතිතුමා’ යනුවෙන් ආමන්ත්‍රණය කළේය. පසුව හර්ෂ ද සිල්වා මහතා භාරකාර ජනාධිපති ලෙස පත් කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරැන්ට සදහන් කළ නාමල් රාජපක්ෂ මහතා ඊට සහයෝගය ලබා දෙන බවද සඳහන් කළේය.

එම අවස්ථාවේදී පාර්ලිමේන්තුව ආරම්භ කිරීම සඳහා සීනුව නාද කිරීම ආරම්භ කර තිබූ අතර, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටියේ.

මේ අතර හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පොදු අපේක්ෂකයා කරන ලෙස හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවයරයාට සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා ඊටද සහය දීමට සූදානම් බව එම අවස්ථාවේ වැඩිදුරටත් සඳහන් කළේය.

අනතුරුව පෙරවරැ 10ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වය පාර්ලිමේන්තුව ආරම්භ විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
112
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29