AFC Banner
Empty Ad
Empty Ad

භානුකගේ සුපිරි ඉනිමෙන් මාවල්ස් ඉනිම ගොඩයයි

2024 එල්.පී.එල් තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීමට ගෝල් මාවල්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ ආරාධනයෙන් ලකුණු රැස් කිරීමට ආරම්භ කළ මාවල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී 184ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ආරම්භයේ ලකුණුවලින් දී එතරම් සරුසාර නොවුණු මාවල්ස් ඉනිමට ජීවයක් එක්කරන්නට සිව්වන
කඩුල්ල එක් වූ භානුක රාජපක්ෂ සහ ටිම් සයිෆර්ට් හට හැකියාව ලැබුණා.

එහිදී ගෝල් මාවල්ස් ඉනිම වෙනුවෙන් ටිම් සයිෆර්ට් ලකුණු 47ක් රැස් කළ අතර, භානුක රැස්කළ ලකුණු සංඛ්‍යාව 82ක්.

භානුක අද රැස්කලේ සිය දෙවන එල්.පී.එල් අර්ධ ශතකය වීම විශේෂත්වයක්.

ඔහුගේ මෙම ඉනිමට හයේ පහර 06ක් සහ හතරේ පහර 08ක් ඇතුළත්.

ටිම් සයිෆර්ට්ගේ දැවීයාමෙන් පසු භානුක සමග එක් වූ නවක ක්‍රීඩක සහන් ආරච්චිගේ ලකුණු 16ක් මාවල්ස් ලකුණු පුවරුවට එක් කළා.

පන්දු යැවීමේ දී ජේසන් බ්‍රැන්ඩොල්ෆ් කඩුලු 02ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 03ක් බිද දැමුවා.

ඒ, අනුව පසවන එල්.පී.එල් ශූරතාව හිමිකර ගැනීමට නම් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දු 120ක් තුළ ලකුණු 185ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?