භාණ්ඩ වර්ග 928ක් සඳහා තව දුරටත් ආනයන සීමා – 306ක්ම වාහන (වීඩියෝ)

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286ක ආනයන සීමා ඊයේ (09) රාත්‍රී සිට ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළා.

අද (10) පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

දීර්ඝ ලෙස සිදුකළ සොයාබැලීම් සහ සාකච්ඡාවලින් අනතුරුව මෙම භාණ්ඩ වර්ග 286 සඳහා ආනයන සීමා ඉවත්කළ බවයි ඔහු සඳහන් කර සිටියේ.

පැවති ආර්ථික අර්බුධය හමුවේ 2020 වසරේ අප්‍රේල් 16 වනදා භාණ්ඩ වර්ග 747ක්, 2020 වසරේ මැයි 22 වනදා භාණ්ඩ වර්ග 1077ක් සහ 2022 වසරේ අගෝස්තු මස 24 වනදා භාණ්ඩ වර්ග 1467ක් සඳහා ආනයන සීමා පැනවීමට සිදු වූ බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ආර්ථික යම් ස්ථාවර තත්ත්වයකට පත්වීමත් සමඟ අවස්ථා කිහිපයක දී වරින් වර එම භාණ්ඩවලට පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කළ බවයි ඔහු සඳහන් කර සිටියේ.

කෙසේ වෙතත් ආනයන සීමා පැනවූ භාණ්ඩ වර්ග 928ක් සඳහා තව දුරටත් ආනයන සීමා පවතින බවත්, ඒ අතරින් 306ක් වාහන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

https://youtu.be/XMcvr6T77BA
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
2
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35