බෞද්ධ දර්ශනය ජාත්‍යන්තරයේ ප්‍රචාරය සඳහා රජයේ උපරිම සහාය – අගමැතිනිය

අනුරාධපුර ​ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ, සියලු පහසුකම් සහිත නව බහුකාර්ය ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත කිරීම සහ අටමස්ථානාධිපති නායක ස්වාමීන්ද්‍ර අභිනන්⁣දනොත්සවයට අද (07) අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය එක්වුණා.

සියලු පහසුකම් සහිත නව බහුකාර්ය ශ්‍රවණාගාර සංකීර්ණය විවෘත කිරීම සනිටුහන් කරමින් සමරු පළකය විවෘත කිරීම අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදු ක⁣ළ අතර, අනතුරුව සිදු කළ සේවාව අගයමින් අටමස්ථානාධිපති පල්ලේගම ⁣හේමරතන නායක ස්වාමීන් වහන්සේ, සම්මානිත මහාචාර්ය සී.එම්. මද්දුම බණ්ඩාර සහ අධිනීතීඥ මහින්ද රළපනාව යන විද්වතුන් වෙනුවෙන් උපහාර ප්‍රදානය කිරීමද සිදු කෙරුණා.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ භික්ෂු අධ්‍යාපනය ප්‍රධාන පරමාර්ථය හුදෙක් උපාධිධාරීන් බිහිකිරීමෙන් ඔබ්බට ගොස් සමාජ සාධාරණත්වය හා මානව හිතවාදය වෙනුවෙන් පෙනීසිටින, දැනුමෙන් සන්නද්ධ ප්‍රඥාවන්ත භික්ෂු පරපුරක් නිර්මාණය කිරීම බවයි.

භික්ෂූන් වහන්සේලාට පාලි, සංස්කෘත වැනි සම්භාව්‍ය භාෂා මෙන්ම නූතන ලෝකය ජය ගැනීමට අවශ්‍ය භාෂාමය දැනුම හා තාක්ෂණික මෙවලම් ලබා දීම හරහා ජාත්‍යන්තර මට්ටමින් බෞද්ධ දර්ශනය ප්‍රචාරය කිරීමටද රජය උපරිම සහාය ලබා දීමට සූදානම් බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කුලපති, ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා නායක ස්වාමීන් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නායක ස්වාමීන් වහන්සේ, මහෝපාධ්‍යාය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන අනුනායක ස්වාමීන් වහන්සේ, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අමාත්‍ය වසන්ත සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේන නානායක්කාර, පී.ඩී.එම්.කේ. පලිහේන, සුසන්ත කුමාර නවරත්න ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !