බෝතලයක් ඉනේ ඇනී පුද්ගලයෙකුට බරපතළයි

බෝතලයක් ඉනේ සඟවාගෙන මහමග ගමන්ගත් පුද්ගලයෙකු බෝතලයත් සමග ගල්තලාවක් මත ඇද වැටීමෙන්, බිඳී ගිය බෝතලයේ කොටසක් උදරයේ ඇනී බරපතළ තුවාල ලබා අද (30) උදෑසන මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ ඇකිරිය ගම්මානයේ පදිංචි වයස අවුරුදු 52 වයසැති පුද්ගලයෙක්.

කිසියම් අවශ්‍යතාවක් සඳහා මොහු වීදුරු බෝතලයක් ඉනෙහි සඟවාගෙන තවත් මිතුරෙකු සමග කැලෑබද මාර්ගයක් ඔස්සේ ගමන් ගනිමින් සිටිය දී ගමන් ගත් මාර්ගයේ තිබූ ගල්තලාවක් මත ඇද වැටී තිබෙනවා.

ඇද වැටීමත් සමඟ ඉනේ තිබූ බෝතලය පුපුරා එහි කොටසක් උදරයෙහි ඇනී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ මිතුරා උදරයේ සිරව තිබූ කැඩුණු බෝතලයේ කොටස් එළියට ඇද දමා තිබෙනවා.

එහිදී අධික රුධිරය වහනය වීමත් සමගම ඔහුව රෝහලට රැගෙන විත් භාර දී ඇති අතර රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?