බෝතලයක් ඉනේ ඇනී පුද්ගලයෙකුට බරපතළයි

බෝතලයක් ඉනේ සඟවාගෙන මහමග ගමන්ගත් පුද්ගලයෙකු බෝතලයත් සමග ගල්තලාවක් මත ඇද වැටීමෙන්, බිඳී ගිය බෝතලයේ කොටසක් උදරයේ ඇනී බරපතළ තුවාල ලබා අද (30) උදෑසන මීගහකිවුල දිසා රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ ඇකිරිය ගම්මානයේ පදිංචි වයස අවුරුදු 52 වයසැති පුද්ගලයෙක්.

කිසියම් අවශ්‍යතාවක් සඳහා මොහු වීදුරු බෝතලයක් ඉනෙහි සඟවාගෙන තවත් මිතුරෙකු සමග කැලෑබද මාර්ගයක් ඔස්සේ ගමන් ගනිමින් සිටිය දී ගමන් ගත් මාර්ගයේ තිබූ ගල්තලාවක් මත ඇද වැටී තිබෙනවා.

ඇද වැටීමත් සමඟ ඉනේ තිබූ බෝතලය පුපුරා එහි කොටසක් උදරයෙහි ඇනී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අවස්ථාවේ දී වහාම ක්‍රියාත්මක වූ මිතුරා උදරයේ සිරව තිබූ කැඩුණු බෝතලයේ කොටස් එළියට ඇද දමා තිබෙනවා.

එහිදී අධික රුධිරය වහනය වීමත් සමගම ඔහුව රෝහලට රැගෙන විත් භාර දී ඇති අතර රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29