බෝඩර් – ගවස්කාර් කුසලාන පළමු තරගයේ ජය ඉන්දියාවට

ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන බෝඩර් – ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට අද (25) හැකියාව ලැබුණා.

පර්ත් හිදී පැවති මෙම තරගය ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ඉන්දියාව ජයගත්තේ ලකුණු 295කින්.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ල දැවී ලකුණු 150ක් රැස් කළා.

ඊට පිළිතුරු වශයෙන් ඕස්ට්‍රේලියාවට පළමු ඉනිම සඳහා රැස්කරගත හැකි වුයේ ලකුණු 104ක් පමණයි.

අනතුරුව ඕස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 46ක් ඉදිරියෙන් සිටිමින් සිය දෙවන ඇරඹු ඉන්දියාව, සිය දෙවන ඉනිමට කඩුලු 06ක් දැවී ලකුණු 487ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඉන්දීය දෙවන ඉනිම ගොඩනැඟීමේ දී ආරම්භක පිතිකරු යෂස්වි ජයිස්වාල් ලකුණු 161ක් රැස්කර ගනිමින් වැඩි දායකත්වයක් ලබාදුන් අතර, සිය ටෙස්ට් දිවියේ 30 වන ශතකට රැස්කරමින් විරාට් කෝලි ලකුණු 100කින් ඉන්දීය දෙවන ඉනිම ශක්තිමත් කළා.

අනතුරුව ඕස්ට්‍රේලියාවට මෙම තරගය ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 534ක ඉලක්කයක් හිමි වුණා.

එම ඉලක්කය හඹා ගිය ඕස්ට්‍රේලියාවට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 238ක් පමණයි.

මෙහිදී ජස්ප්‍රිත් බුම්රා සහ මොහොමඩ් සිරාජ් ඕස්ට්‍රේලියානු දෙවන ඉනිමේ කඩුලු 03 බැඟින් බිඳ දැමුවා.

ඒ, අනුව තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරග ලකුණු 295කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?