AFC Banner
Empty Ad
Empty Ad

බොලිවුඩ් නිළි කන්ගනාගේ කන පැලූ කොස්තාපල්වරිය අත්අඩංගුවට

ජනප්‍රිය බොලිවුඩ් නිළියක් වන කන්ගනා රනවුත්ට කම්මුල් පහරක් එල්ල කළ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට ගත් පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කුල්වින්දර් කෞර් නැමැති මධ්‍යම කාර්මික ආරක්ෂක බලකායේ (CISF) පොලිස් කොස්තාපල්වරියක්.

බොලිවුඩ් නිළි කන්ගනා රනවුත් ඊයේ (06) දිල්ලිය බලා යන ගුවන් යානයකට ගොඩවීමට යමින් සිටිය දී චන්දිගාර් ගුවන් තොටුපළලේ දී මෙම පහර කෑමට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

කන්ගනා රනවුත්සි මීට පෙර ගොවීන්ට අගෞරව කරමින් සිදුකර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කෝපයෙන් සිටි පොලිස් කොස්තාපල්වරිය මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුගිය දා ප්‍රතිඵල නිකුත් වූ ඉන්දීය මහ මැතිවරණයට සඳහා අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයෙන් තරග කළ කන්ගනා මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.

මේ අතර කන්ගනාට පහරදීම සිදුකළ පොලිස් කොස්තාපල්වරිගේ වැඩ තහනම් කිරීමට ද කටයුතු කර තිබෙනවා.

.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
6
+1
27
+1
3
+1
3
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?