බොරැල්ල දේවස්ථානයේ සේවකයාට අධිකරණයෙන් දුන් නියෝගය

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී හමු වූ අත්බෝම්බ සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම දේවස්ථානයේ සේවක ෆ්‍රැන්සීස් මුනීන්ද්‍රන් නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව විමර්ශන දියත් කළ බොරැල්ල පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාශය බෝම්බ සිද්ධියට අදාළව සැකපිට ප්‍රැන්සිස් මුනීන්ද්‍රන් ඇතුළු තවත් තිදෙනෙකු පළමුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අතර වයස අවුරුදු නවයක් වූ දරුවකු ද ඇතුළත්ව සිටියා.

මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඒ අතර වාරයේ බොරැල්ල සියළු ශාන්තුවරයින්ගේ දෙවස්ථානය භාර පියතුමා ඇතුළු පිරිස් දේවස්ථානයේ සවි කර තිබු සී.සී.ටී.වී කැමරා දර්ශන සමීපව නිරීක්ෂණය කරද්දී අනාවරණය වූයේ අදාළ බෝම්බය තබනුයේ මෙම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් දේවස්ථාන සේවකයා නොවන බවයි.

පසුව මේ පිළිබඳව නැවත වරක් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම සී.සී.ටී.වී දර්ශන නැවත පරිශීලනය කළ කොළඹ අපරාධ කොට්ඨාසය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

  1. සියළුම තොරතුරු පරික්ෂාවට ලක් නොකර ගන්නා තිරන නිසා අපහසු තාවයට පත්වන අයට වු අසාධාරණයට කවුද වගකිව යුත්තේ ??????



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් හා රටට සෙත් පතා බෝධි පූජා පින්කමක් - විශ්ව බලයෙන් මහ වැසි වසීවා
03:48
Video thumbnail
තමා දුන් තීන්දු රිවස් කිරීම ගැන මෛත්‍රිපාල කිව්ව දේ - "මම ව්‍යවස්ථානුකූලව කරලා තියෙනවා"
01:12