දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
අද (11) අලුයම එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙක්.
ප්‍රහාරයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති නැහැ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.













