බොරලැස්ගමුවේ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය හමුවෙයි

බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ දී අද (24) අලුයම සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරුවන් පැමිණි ත්‍රිරෝද රථය සොයාගෙන තිබෙනවා.

පිළියන්දල, බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය අසල දමා ගොස් තිබියදී මෙම ත්‍රිරෝද රථය සොයාගැනුනේ ලද තොරතුරක් මත බවයි බොරලැස්ගමුව පොලිසිය පැවසුවේ.

අද (24) දහවල් සොයාගත් රතු පැහැති මෙම ත්‍රිරෝද රථයේ ඇති ඇඟිලි සලකුණු පරීක්ෂා කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ත්‍රිරෝද රථය තුළ තිබී ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ කළු පාටට හුරු ජැකට්ටුවක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පොලිසිය සැකපළ කරන්නේ අදාළ ත්‍රිරෝද රථය කිසියම් ප්‍රදේශයකින් සොරාගත් එකක් බවයි.

මෙම වෙඩි තැබීමෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 21 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා පුද්ගලයින් 09 දෙනෙකු යමින් සිටිය දී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08