බොරලැස්ගමුවේ වෙඩි තැබීමක් – තරුණයෙක් ජීවිතක්ෂයට

බොරලැස්ගමුව, මාලනී බුලත් සිංහල මාවතේ දී අද (24) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයම 12.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි ගිහාන් දුලාන් පෙරේරා නම් 21 හැවිරිදි තරුණයෙක්.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පැවැති සංගීත සංදර්ශනයක් නරඹා මියගිය තරුණයා ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකු මාර්ගයේ යමින් සිටියදී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

සංගීත සංදර්ශනයේ දී ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලීසිය සැකපළ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
15
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?