“බොරලැස්ගමුවේ මානා” හෙරොයින් සමඟ පොලිස් දැලේ

“බොරලැස්ගමුවේ මනා” නමැති  අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ ඔහුගේ ගෝලයෙකු සුඛෝපභෝගී මොටර් රථයකින් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් යමින් සිටියදී පානදුර ගොරකපොල පිරවුම්හල අසල  අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි .

හෙරොයින් මත්කුඩු මිලිග්රැම් 6240 ක්, අයිස් මිලිග්රැම් 1000 ක්,රුපියල් දෙලක්ෂ දහසය දහස් අටසීයක ජාවාරම්
මුදල් සොයාගෙන ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථන 2 ක් මෝටර් රථයද භාරයට ගත්බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත්  සැකකරු ජාවාරම් කරුගේ ගෝලයා ලෙස කටයුතු කරන පානදුර මාලමුල්ල පදිංචිකරුවෙක් බවත් පොලිසිය කියයි.

සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.පානදුර උතුර පොලිසිය පරීක්ෂණ පවත්වයි.

image 90
image 91