බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කරන්න ව්‍යාපෘතියක්

බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

ජපානයේ හිමිකාරීත්වය සහිත සිංගප්පූරු ආයතනයක් වන Groepo Pte Ltd (GPL) ආයතනය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුවයි වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ.

ක්ෂුද්‍ර නැනෝ බුබුළු තාක්ෂණය, කාබන් ෆයිබර් ජෛව පටල තාක්ෂණය සහ පරිසරයට හිතකර එන්සයිම භාවිත කරමින් බේරේ වැවේ ජලයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් රජයේ ආයතන කිහිපයක් සමග එක්ව ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිරි කටයුතු කිරීම වෙනුවෙන් පසුගිය ජුලි මාසයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබුණා.

ඒ අනුව ව්‍යාපෘති ආයෝජක විසින් ඉදිරිපත් කරන ලද වැඩිදුර තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙරට සියලුම විශ්ව විද්‍යාලවල ජලයේ ගුණාත්මක භාවිය පිළිබඳ විශේෂඥයින්ගෙන්, අදාළ සියලු පර්යේෂණ ආයතන සහ අනෙකුත් අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කරනු ඇති.

එම මගපෙන්වීමට යටත්ව වසර 5ක කාලයක් සඳහා යෝජිත නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත් ඉන ්අනතුරුව අත්කර ගනු ලබන ප්‍රතිඵල මත පදනම්ව තවදුරටත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව තීරණයකට එළඹීමටත් නියමිතයි.

ජනාධිපතිවරයා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා විසිනුයි මෙම ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර කුණු ලෝබයෙක් - ආර්යාවෝ තියාගෙන වියදම් කරන්නේ නෑ
03:17
Video thumbnail
ආණ්ඩුවට ලැජ්ජා නැද්ද - ගෙදර යන්න වෙනවා.. ස්ථිරයි
04:33
Video thumbnail
ආයේ කිසිම එකෙකුට ඡන්දේ දෙන්නේ නෑ
04:04
Video thumbnail
වතුකරයේ පාස්කු ඉරිදා දේව මෙහෙයට දැඩි ආරක්ෂාවක්
01:35
Video thumbnail
දිට්වා නිසා අවතැන් වුණ දරුවන්ව අමතක කරන්න හොඳ නෑ
02:12
Video thumbnail
ට්‍රම්ප්ට කාදිනල්තුමා සැරටම කියයි
01:38
Video thumbnail
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ආණ්ඩුවේ අයට හදාගෙන ඉන්නේ
05:24
Video thumbnail
අනුර කයිවාරුව නවත්තපන් - මේකාට හොරු අල්ලන්න බෑ
04:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10