බේරෙ වැවේ කුණු ඉවත්කරන්න විදුලි බෝට්ටු

විද්‍යුත් බෝට්ටු යොදවා බේරෙ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පැවසුවේ එම වැඩපිළිවෙළ අනුව, සූර්ය බලයෙන් ක්‍රියාත්මක විද්‍යුත් බෝට්ටු යොදවා දිනකට කිලෝග්‍රෑම් 3000ක් දක්වා වූ අපද්‍රව්‍ය ඉවත් කෙරෙන බවයි.

මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති අතර, මෙම වැඩපිළිවෙළ සඳහා ඉදිරියේ දී බෝට්ටු 04ක් යෙදවීමට නියමි බව සඳහන්.

මෙම ව්‍යාපෘතිය හරහා බේරෙ වැවේ ජල තත්ත්වය වැඩිදියුණු කිරීම, පරිසර පද්ධතිය ප්‍රතිසාධනය, බේරෙ වැව ආශ්‍රිත කලාපයේ සෞන්දර්ය අගය වැඩිදියුණු කිරීම සහ ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂාව වැනි කාර්යයන් ඉටුකර ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?