බේරුවලින් වාර්තා වෙන ඇඟ කිලිපොලායන කතාවක්

දින 45 කට පෙර නරියෙකුගේ සපා කෑමට ලක් වූ කාන්තාවක කළුතර, නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල, වලතර වෙදගොඩලන්ද, කොස්ගහවත්ත සුසාන භූමි රක්ෂිතයේ ඉටි කොළවලින් ආවරණය කරන ලද කුඩා පැල්පතක පදිංචිව සිටි 54 හැවිරිදි දෙදරු මවක්.

මීට දින 45කට පමණ ඉහතදී මධ්‍යම රාත්‍රියේ පැල්පත වටා ආවරණය කරන ලද ඉටි කොළ අතරින් පැල්පතට කඩා වැදුණු නරියෙකු විසින් පැදුරක් මත නිදා සිටි අදාළ කාන්තාවගේ පාද දෙකෙහි විළුඹ ප්‍රදේශය සපා කා තිබෙනවා.

කෙසේ වෙතත්, ඊට නිසි අයුරින් ප්‍රතිකාර කර නොතිබූ බව වෛද්‍ය තමර කළුබෝවිල පවසනවා.

ඔහු සඳහන් කළේ, අනතුරුව ඉකුත් 9 වන දා ඇයට ජලභීතිකා රෝග ලක්ෂණ පහළ වී ඇති අතර ඇයගේ පුතුන් දෙදෙනා විසින් ඇය කළුතර, නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඊට පසු දින ම ඇය මියගොස් තිබුණු බවයි.

ඒ අනුව බේරුවල, වලතර වෙදගොඩ ප්‍රදේශයේදී නරියෙකුගේ හෝ සුනඛයෙකුගේ සපා කෑමට ලක් වූ අය වෙතොත් නොපමාව එන්නත් ලබා ගන්නා ලෙස ත් නිවසේ සුරතලයට ඇති කරන සුනඛයන් වෙතොත් එම සතුන්ට ද වහා එන්නත්කරණය සිදු කර ගන්නා ලෙස ත් වෛද්‍ය තමර කළුබෝවිල පවසනවා.

මියගිය කාන්තාවගේ පුතෙකු සිද්ධිය විස්තර කරමින් මෙසේ පැවසීය.

“මමයි අම්මයි, විවාහ වෙලා ඉන්න අයියයි එයාගේ නෝනයි දරුවයි අපි සියලු දෙනා ම පදිංචිවෙලා ඉන්නේ කොස්ගහවත්ත සුසාන භූමියේ රක්ෂිතයේ ඉටි කොළවලින් පැලක් අටවා ගෙන. මීට දින 45 කට විතර පෙර, අපි සියලු දෙනා ම නිදාගෙනයි හිටියේ. රාත්‍රියේදී අම්මා, පුතේ කෑවෝ! කෑවෝ! කියලා කෑ ගැහුවා. මම කුප්පි ලාම්පුවේ එළියෙන් දැක්කා විශාල නරියෙක් පැල්පත ඇතුළට ඇවිල්ලා අම්මගෙ කකුල හපනවා, ඇදගෙන යන්න උත්සහ කරනවා. මට හිතා ගන්න බැරි වුණා මොක ද කරන්නේ කියලා. ළඟ තිබ්බ හිරමනෙන් මම නරියාට ගැහුවා. ඊට පස්සේ නරියා පැල්පතෙන් පිටතට දුවලා ගියා. අම්මගේ කකුල් දෙකෙන් ම ලේ ආවා. අම්මා එච්චර ගණන් ගත්තේ නෑ. ”මට අමාරු නෑ පුතේ,” කියලා කිව්වා. පස්සේ දවසේ මම අම්මත් එක්ක බේරුවල රෝහලට ගියා. කොරෝනා හින්දා රෝගියා පමණයි ඇතුළට ගන්නේ. අම්මා බෙහෙතුත් අරගෙන ආවා. නමුත් නරියෙක් කාපු බව කියලා නෑ. ටික දවසක් යනකොට අම්මගේ කකුල් දෙකේ ම තුවාල සනීප වුණා. එහෙම ඉන්න අතරේ, මීට දවස් දෙක තුනකට ඉහතදී අම්මා එකපාර ම ගැහෙන්න පටන් ගත්තා. තොල් දෙක පැත්තකට ගියා. එයාව අල්ලන්නවත් දෙන්නෙ නැහැ අපිට. එයාට වතුර ගිලින්නවත් බැහැ කියලා කියනවා. ඒත් අම්මා කිව්වා පුතේ, මගේ පණ හයියයි කියලා. පස්සේ මමයි අයියයි අම්මව කළුතර නාගොඩ මහ රෝහලට රැගෙන ඇවිල්ලා විස්තරය කිව්වා දොස්තර මහත්තුරුන්ට. ඒත් අපේ අම්මා අපිව දාලා ගියා.”

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුතර නාගොඩ මහ රෝහලේ දී රෝහලේදී සිදු කිරීමට නියමිත ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජිත ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:51
Video thumbnail
මේ කෝටි 10000ක හොරකමට ආණ්ඩුව වගකියන්න ඕනේ
09:34
Video thumbnail
සාප්පු සවාරියේ යනවනම් හොර නෝට්ටු ගැන අවධානය දෙන්න..පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
06:38
Video thumbnail
අතුරලියේ රතන හිමි දේශපාලකයින්ට සැරටම කිව්ව දේ.."ගල් අඟුරුවලටමයි පෙරේත..හොරා කන්න පුළුවන් තැනනේ"
02:56
Video thumbnail
අතේ තිබ්බ පිස්තෝලය පත්තු වී බලංගොඩ වැඩබලන OIC රෝහලට
02:16
Video thumbnail
සංචාරකයින් අඩුවීම නිසා ජනතාව දැඩි අසරණවෙයි..සාක්කු හිදිලා දැන්..හොරකම් කරන්නත් බෑනේ
08:25
Video thumbnail
අපි හැප්පිලා බලමු ඇමතිතුමෝ - අපි වහල්ලු නෙමෙයි
25:28
Video thumbnail
මහ පාන්දරම මොරටුවේ ඉඩමක හදිසියේම ඇතිවූ ගින්න
00:30
Video thumbnail
ඔත්තේ ඉරට්ටේ දෙකටම තෙල් ගහන්න පුළුවන්..ඉන්ධනහල්වල අද තත්ත්වය
00:14
Video thumbnail
ගම්මන්පිල කියන්නේ දෙපිටකාට්ටුවෙක් - අපිලාගේ සාදු දෙසයි..මුන්ගේ කතා නිසා සජිත් නැගිටලා ගියා
05:30