AFC Banner
Empty Ad
Empty Ad

බෙබින්කා සුළි කුණාටුවෙන් පුද්ගලයින් ලක්ෂ 04කට අධික පිරිසක් අවතැන් වෙයි

චීනයේ ෂැංහයි නගරයට ‘බෙබින්කා’ (Bebinca) සුළි කුණාටුව කඩා වැදී පුද්ගලයින් ලක්ෂ 04කට වැඩි පිරිසක් අවතැන් කර තිබෙනවා.

cbs පුවත් සේවය වාර්තා කළේ; මේ වනවිට (17) බලපෑ ඇති සුළි කුණාටුව වර්ෂ 1949න් පසුව චීනයේ ෂැංහයි පළාතට බලපෑ ප්‍ර්‍රබලතම සුළි කුණාටුව බවයි.

මෙම කුණාටුවෙන් විශාල ගස්වල අතු කඩාගෙන වැටී මාර්ග අවහිර වී ඇති අතර එහෙයින් විදුලිය ද ඇනහිට තිබෙනවා.

මාර්ග ජලයෙන් යට වී ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

බෙබින්කා සුළි කුණාටුව ෂැංහයි වෙත ඇතුල්වීමට පෙර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් එම පළාතේ පවුල් 414,000ක් සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇති අතර විදුලිය විසන්ධි වීමට බලපෑ අතු කඩන් වැටීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද චීන මාධ්‍ය පවසනවා.

බෙබින්කා සුළි කුණාටුව හේතුවෙන් ෂැංහයි පළාතේ සියලු පාසල් වසා දමා ඇති බවත් ජනතාවට නිවෙස් තුළ ම රැඳී සිටින ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

බෙබින්කා සුළි කුණාටුව පෙරවරු 7:30ට පමණ පැයට සැතපුම් 94ක වේගයෙන් පුඩොං දිස්ත්‍රික්කයට කඩා වැදුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවුණ බිහිසුණු අනතුර
01:20
Video thumbnail
breaking news
01:56
Video thumbnail
ස්තූතියි නුගේගොඩ - මේක තමයි මිනිස්සුන්ට තියෙන පිපාසය#akd #npp #anurakumaradissanayake
02:02
Video thumbnail
හිරුණිකා මැද කොළඹ දෙවනක් කළ කතාව - ඒ කටේ සද්දෙනම් ඉවරයක් නෑ#hirunika_premachandra #sjb
02:56
Video thumbnail
අවසන් මැතිවරණ රැළියේ සජිත් ප්‍රේමදාස කළ සුපිරි කතාව #sajithpremadasa
06:28
Video thumbnail
පොලීසියෙන් විශේෂ ප්‍රකාෂයක්#election2024
01:48
Video thumbnail
ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර සහභාගීවන මහා ජන රැලිය කොට්ටාවේ සිට සජීවීව
01:25:20
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49

?