බෙංගාල බොක්කේ කැළඹීමක් – ඉදිරි දිනවල මිලි මීටර් 100-150ක වැසි (වීඩියෝ)

බෙංගාල බොක්කට අවට ප්‍රදේශයේ ශ්‍රී ලංකාවට ගිනිකොන සහ නැගෙනහිර දිශාවෙන් කැළඹිලි ස්වභාවයක් මේ වනවිට ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක සඳහන් කරනවා.

මෙම තත්ත්වයත් සමඟ පවතින වැසි ඉදිරි දින කිහිපය තුළත් පැවතිය හැකි බවයි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසුවේ.

එමෙන්ම වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ද අපේක්ෂා කළ හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ, අනුව මිලි මීටර් 100-150ක වර්ෂාපතනයන් ඇති විය හැකි බව ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.

මේ සමඟ කඳු නායයෑම්, ගං වතුර වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?