බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

ගිනිකොනදිග බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එය ත්‍රිකුණාමලය සිට කිලෝ මීටර් 610ක් නැගෙනහිරට බරව ගිනිකොන දෙසින් ස්ථාපිත වී පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ, අනුව එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ලබන පෙබරවාරි 01 වනදා ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ළඟාවනු ඇති බවට බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

මේ අතර උතුර, නැගෙනහිර, උතුරු මැද, සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව දැනුම් දෙනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකියි.

වයඹ සහ උතුරු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර, නැගෙනහිර, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර, මුලතිව්, යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50-60 පමණ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11
Video thumbnail
දේශබන්දුට විරුද්ධව දාපු නඩුව නීතියට පටහැනියි - මහාධිකරණය තීන්දු කරයි
02:55
Video thumbnail
නාමල් ජනාධිපතිතුමාට දාපු කින්ඩිය
08:41
Video thumbnail
චාමරට යකා නගියි.."මොකාද මේ ව්‍යසනය අස්සේ වාහන ගන්නේ..නිල්පාට ගෑස් හිඟයක් අනිවාර්යෙන් ඇතිවෙනවා"
08:20
Video thumbnail
නිල නිවාස අහිමි වුණු පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරු ජනපතිට දුක කියන්න එයි
06:03
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
07:43


?