AFC Banner
AFC Banner
Empty Ad

බූස්ස බන්ධනාගාරයේ සැකකරුවෙක් නිලධාරියෙකුට පහර දෙයි

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටි ඉන්දියන් ජාතික සැකකරුවෙකු රෝහලේදී ඖෂධ සංයෝජක නිලධාරියෙකුට පහරදී තිබෙනවා.

ඊයේ රාත්‍රී මෙම සැකකරු බන්ධනාගාර රෝහලේ දී ඖෂධ ලබා දුන් ඖෂධ සංයෝජක නිලධාරියාගේ මුහුණට ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කළේ.

ප්‍රහාරයෙන් නිලධාරියා බිම ඇද වැටී තිබෙනවා.

ඇති වූ කම්පනය මත ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි සඳහන්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙකු යොදවා මූලික විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?