බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරිවරයා ඝාතනය කළ වෙඩික්කරු රටින් පනින්න හදද්දී අත්අඩංගුවට

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට පසුගියදා සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී අද (15) දින උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

දසත ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ සැකකරු ව අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ස්ථාපිත කර ඇති ” මුහුණු හඳුනා ගැනීමේ පද්ධතිය ” (Face Recognize System) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සහාය කර ගෙන තිබූ බවයි.

31 හැවිරිදි අම්බලන්ගොඩ – කුලීගොඩ ප්‍රදේශයේ පදිංචි විජේමුනි ලලන්ත ප්‍රීතිරාජ් කුමාර නමැති මොහු දකුණේ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ” කරන්දෙණිය සුද්දා ” නමැති අයගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස කටයුතු කරමින් සිටි පුද්ගලයා බව පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒකනායක මුදියන්සේලාගේ ලකිඳු සංදීප් බණ්ඩාර නමැති ව්‍යාජ නමකින් සකස් කළ ගමන් බලපත්‍රයක් යොදා මොහු රටින් පැන යාම සඳහා භාවිතා කර තිබූ අතර මොහු ගාල්ල සහ අම්බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල මිනීමැරුම් සහ මූල්‍ය වංචා රාශියක් සඳහා ද පොලිසියට අවශ්‍ය කර සිටි අයෙක්.

අද උදෑසන 07.50ට තායිලන්තයේ – බැංකොක් නුවර බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 404 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත සැකකරු පැමිණ සිටි බවයි වාර්තාවන්නේ.

අත්අඩංගුවට ගත් මෙම වෙඩික්කරුවා ව අද පෙරවරු10.00ට පමණ අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
7
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මෙච්චර සහන දුන්නේ නෑ
03:33