බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධකරුවන් 07 දෙනෙක් ඊයේ (11) දිනයේ දී අලුතින් ස්ථාපිත කළ වැලිසර බන්ධනාගාරයට මාරුකළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
හික්කඩුව පොලිස් ස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවකට අද (12) දහවල් එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
එමෙන්ම බූස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ ක්‍රියාමාර්ග කිහිපයක් අධිකරණ අමාත්‍යංශය සමඟ ඒකාබද්ධ වෙමින් ගෙන ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
මේ අතර පාතාල ක්‍රියාකාරකම් යම් ප්‍රමාණයකට පාලනය කිරීමට මේ වනවිට පොලිසියට හැකියාව ලැබී ඇති බවයි ඔහු පැවසුවේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1













