බුවනෙකබා රාජ මණ්ඩපය කඩා දැමූ කුරුණෑගල හිටපු නගරාධිපති ඇතුළු පිරිසකට අධි චෝදනා

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි පුරා විද්‍යා වටිනාකමක් සහිත “බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල” කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර ගොනුකර තිබෙනවා.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතායි අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මේ බව ප්‍රකාශ කළේ.

හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් අත් අඩංගුවට ගැනීම වළක්වමින් පසුගිය දා අභියාචනාධිකරණය විසින් දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අභියාචනා පෙත්සම් 05ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.

යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ඟප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැදවනු ලැබුවා.

මෙහිදී පෙත්සම්කාර කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පිරිස වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයින්ට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙන බවයි.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත යටතේ තම සේවා දායකයින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මේ වන විට අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඔහු දන්වා සිටියා.

ඒ සඳහා අවසර ලබා දෙන ලෙස ඉල්ලා සිටි ජනාධිපති නීතිඥවරයා එම ඉල්ලීම ඇතුළත් දැනටමත් මෝසමක් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන බවත් සඳහන් කර තිබෙනවා.

ඒ අනුව අදාළ මෝසම පිළිබඳව කරුණු සලකා බැලීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ මෝසම ඉදිරි දිනයක ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවන ලෙසටයි නියෝග කළේ.

අදාළ මෝසම කැඳවන දිනය ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29