බුම්රා T20 ලෝක කුසලානයෙන් ඉවත් කළ කතාව බොරු – ගංගුලි

ජස්ප්‍රිත් බුම්රා පන්දුවාර විස්ස ලෝක කුසලානයෙන් ඉවත් කළ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි පවසනවා.

පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය මෙම ප්‍රබල වේග පන්දු යවන්නාට අහිමිව යනු ඇති බවට පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සෞරව් ගංගුලි අවධාරනය කර ඇත්තේ ඕස්ට්‍රේලියාවට යන ඉන්දීය සංචිතයේ තවමත් බුම්රා සිටින බවයි.

“නැහැ බුම්රා තවමත් ලෝක කුසලානයෙන් ඉවත්ව නෑ, අපි බලමු මොකද වෙන්නේ කියලා” ගංගුලි සිය ට්විටර් ගිණුමේ පළ කළ වීඩියෝවකින් මේ බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතිව තිබෙන ආබාධය හේතුවෙන් බුම්රාට මාස ගණනක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට සිදුවනු ඇති බවයි මීට පෙර වාර්තා වුණේ.

28 හැවිරිදි මෙම වේගපන්දු යවන්නා නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණුතම වේග පන්දු යවන්නෙකු ලෙස හැඳින්වෙන අතර, සමස්ත ඉන්දියාවම විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා බුම්රාගේ ආශ්චර්යමත් සුවය අපේක්ෂා කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?