බුම්රා T20 ලෝක කුසලානයෙන් ඉවත් කළ කතාව බොරු – ගංගුලි

ජස්ප්‍රිත් බුම්රා පන්දුවාර විස්ස ලෝක කුසලානයෙන් ඉවත් කළ බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි පවසනවා.

පිට කොන්දේ ඇති වූ ආබාධයක් හේතුවෙන් පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය මෙම ප්‍රබල වේග පන්දු යවන්නාට අහිමිව යනු ඇති බවට පසුගිය බ්‍රහස්පතින්දා ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති සෞරව් ගංගුලි අවධාරනය කර ඇත්තේ ඕස්ට්‍රේලියාවට යන ඉන්දීය සංචිතයේ තවමත් බුම්රා සිටින බවයි.

“නැහැ බුම්රා තවමත් ලෝක කුසලානයෙන් ඉවත්ව නෑ, අපි බලමු මොකද වෙන්නේ කියලා” ගංගුලි සිය ට්විටර් ගිණුමේ පළ කළ වීඩියෝවකින් මේ බව සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතිව තිබෙන ආබාධය හේතුවෙන් බුම්රාට මාස ගණනක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත්ව සිටීමට සිදුවනු ඇති බවයි මීට පෙර වාර්තා වුණේ.

28 හැවිරිදි මෙම වේගපන්දු යවන්නා නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ දරුණුතම වේග පන්දු යවන්නෙකු ලෙස හැඳින්වෙන අතර, සමස්ත ඉන්දියාවම විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා බුම්රාගේ ආශ්චර්යමත් සුවය අපේක්ෂා කරනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46