බුම්රා එක්දින තරගාවලියෙන් ඉවතට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර හෙට ආරම්භවන එක්දින තරගාවලිය වෙනුවෙන් ඉන්දීය සංචිතයට නම් කළ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා එම තරගාවලියට එක් නොවන බව වාර්තා වනවා.

පිටකොන්දේ ආබධයකට ලක්ව සිටි බුම්රා මෙම තරගාවලිය වෙනුවෙන් නම්කළ ඉන්දීය සංචිතයට කැඳවනු ලැබුවේ එම සංචිතය නම් කිරීමෙන් පසුවයි.

එලෙස ඔහු එක්දින සංචිතයට එක් කරනු ලැබුවේ 2022 අවසන් සතියේ ඔහුගේ පුහුණුවීම් සහ පන්දු යැවීමේ චර්යාවන් වේගවත් කිරීමෙන් පසුව බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ඒ අනුව බුම්රාගේ නැවත පැමිණීම නිවේදනය කරමින් BCCI නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය, “ඔහු ඉක්මනින්ම Team India එක්දින සංචිතයට එක්වනු ඇත” යනුවෙනි.

කෙසේ වෙතත් ඔහු හෙට (10) තරගය පැවැත්වෙන ගුවහාටි වෙත ඉන්දීය කණ්ඩායම සමඟ පැමිණ නොමැති බවයි වාර්තා වන්නේ.

බුම්රා මෙලෙස එක්දින තරගාවලියෙන් ඉවත්වීමට බලපෑ හේතුව තවමත් නිශ්චිත වශයෙන් දන්වා නැහැ.

කෙසේ වෙතත් ආබාධයකට ලක්ව ආපසු පැමිණීමෙන් පසු ඉක්මනින්ම ඔහුව යළි අවදානමට ලක් කිරීම ගැන සැළකිලිමත්ව මෙම තීරණය ගෙන ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
00:59
Video thumbnail
හදිසි අවස්ථාවක් - හදිසි අවස්ථාවක් - රනිල් හදිසියේ මාධ්‍ය කැඳවයි
05:12
Video thumbnail
හිස තෙල් ගාන්න පන්සල් ආපු අලියා - අන්තිමට හාමුදුරුවන්ටත් වැඳලා යන්නේ
03:41

?