වසරේ පළමු පොහෝ දිනය ලෙස සැලකෙන දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් දුරුතු පුර පසළොස්වක පොහොය දිනය තුළ සිදුව ඇති බව ශාසන ඉතිහාසයේ සඳහන්.
බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණයකර සෝවාන් ඵලයට පත් සුමන සමන් දෙවියන්ට කේශ ධාතූන් මිටක් ලබාදීම ද සහ එම කේශධාතු නිධන් කර මහියංගනය සෑය ඉදිකිරීම ද සිදුව ඇත්තේ අද වැනි දුරුතු පුර පසළොස්වක පොහොය දිනකයි.
එමෙන්ම බුදුරජාණන් වහන්සේ තුන්බෑ ජටිලයන් දමනය කිරීමත්, බිම්බිසාර රජතුමා වේළුවනාරාමය බුදු සසුනට පූජා කිරීමත් සිදුවී ඇත්තේ අද වැනි දුරුතු පොහෝ දිනයක බවයි ශාසන ඉතිහාසයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
දසත මාධ්‍ය ජාලය ඔස්සේ සෑම පුන් පොහෝ දිනකම විකාශය කරන ‘දසත බෝ පත’ පෝදා වැඩසටහන අද (03) දිනය පුරා අලව්ව මෙත් මුණි මහ සෑ පිං බිමේදී පැවැත්වෙනවා.




