බුදුන්ට වැඳ පින් දී පිං කැටයට වැඩේ දුන් උපාසක හොරා…

දඹුල්ල අතුපාරයාය ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ බුදු මැදුරේ තබා තිබූ පිං කැටය 22 අලුයම කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් කඩා මුදල් රැගෙන ගොස් ඇතැයි විහාරාධිපති හිමියෝ දඹුල්ල පොලිසියට 22 පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

මෙම පිං කැටය සොරා ගන්නා ආකාරය බුදු මැදුරේ සවිකොට තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇති බවත් විහාරාධිපති අලුත්ගම උපනන්ද හිමියෝ පවසති.

අලුයම කාලයේ මුව ආවා ආවරණයක් පැළඳ ඇති අවුරුදු තිහක් පමණ වයසැති පුද්ගලයෙකු විහාරස්ථානයේ බෝ මළුවෙන් ඇතුළු වී ඉතා සූක්ෂම ලෙස විහාර මන්දිරයට පැමිණ පාවහන් ගලවා බුදු මැදුර අසලට පැමිණ මල් ආසනයට අත්ගසා බුදුන් වැඳ මද වේලාවක් රැඳී සිටිමින් ආරක්ෂිත කැමරා දෙස බලා සාක්කුවේ තිබූ ලේන්සුවකින් තම හිස වසාගෙන ආරක්ෂිත කැමරා වලට පහත්ව බුදු පිළිමය ආසන්නයේ තිබූ පිං පෙට්ටිය ආරක්ෂිත කැමරා වලට නොපෙනෙන සේ වෙනත් ස්ථානයකට රැගෙන ගොස් එය කඩා මුදල් රැගෙනගොස් ඇතැයි විහාරාධිපති අලුත්ගම හිමියෝ පවසති.

මේ සියල්ලම ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබෙන බවත් ඒවා සියල්ල පොලිසියට ලබාදීමට පියවර ගත් බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහදඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක රුශාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ පොලිස් කණ්ඩායමක් එම අවස්ථාවේම විහාරස්ථානයට පැමිණ නිරීක්ෂණය කොට සැකකරු පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබිණි.

දඹුල්ල නගරයේ මේ දිනවල වෙළඳසැල බිඳ භාණ්ඩ සොරා ගැනීම මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල නිවෙස් වලට පැමිණ හොරකම් කිරීමේ උත්සාහයන් රැසක් ද වාර්තා වී ඇතැයි පොලිසිය කියයි.
දඹුල්ල – චමින්ද කුමාර නවරත්න

https://youtu.be/NyeyyDUhpes
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?