බුද්ධි අංශයෙන් විශේෂ හෙළිදරව්වක්

පසුගිය වසර කීපය තුළ මෙරට සිදුකළ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා වංචා දූෂණ මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වර්තමාන රජය සමඟ සමීපව කටයුතු කරන දූෂිත පුද්ගලයන් පිරිසක් හොර රහසේම රටින් පැන යෑමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත.

මෙම දූෂිත ජාවාරම්කාරයන් මෙසේ රටින් පලා යෑමට උත්සාහ දරමින් සිටින්නේ වර්තමාන රජය අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති නිසා බවද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි. පවතින දේශපාලන අර්බුදය හමුවේ වර්තමාන රජය වෙනස් වුවොත් මෙම ජාවාරම්කාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ඇති නිසා ඔවුන් මෙසේ රටින් පැන යෑමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මේ ආකාරයට රටින් පැන යෑමට සූදානම් වන පුද්ගලයන් අතර වර්තමානය රජයේ ප්‍රබලම දේශපාලනඥයන් සමඟ සමීපව කටයුතු කරමින් විවිධ දූෂිත ව්‍යාපාරවල නිරත වී කෝටි ප්‍රකෝටි ගණනක ධනයක් උපයාගත් පුද්ගලයන් කීප දෙනෙකුද සිටින බව අනාවරණය වී ඇත.

ඇතැම් දූෂිත පුද්ගලයන් විවිධ කූඨ ලේඛන පවා සකස්කරගෙන රටින් පලා යෑමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි. ඇතැම් දූෂිතයන් තම පවුල්වල සාමාජිකයන් පවා රැගෙන යෑමට කටයුතු කරමින් සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?