බුද්ධි අංශයෙන් විශේෂ හෙළිදරව්වක්

පසුගිය වසර කීපය තුළ මෙරට සිදුකළ මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා වංචා දූෂණ මිනිස් ඝාතන ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වර්තමාන රජය සමඟ සමීපව කටයුතු කරන දූෂිත පුද්ගලයන් පිරිසක් හොර රහසේම රටින් පැන යෑමට කටයුතු කරමින් සිටින බවට තොරතුරු බුද්ධි අංශ වෙත ලැබී ඇත.

මෙම දූෂිත ජාවාරම්කාරයන් මෙසේ රටින් පලා යෑමට උත්සාහ දරමින් සිටින්නේ වර්තමාන රජය අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති නිසා බවද බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටියි. පවතින දේශපාලන අර්බුදය හමුවේ වර්තමාන රජය වෙනස් වුවොත් මෙම ජාවාරම්කාරයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ඇති නිසා ඔවුන් මෙසේ රටින් පැන යෑමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි.

මේ ආකාරයට රටින් පැන යෑමට සූදානම් වන පුද්ගලයන් අතර වර්තමානය රජයේ ප්‍රබලම දේශපාලනඥයන් සමඟ සමීපව කටයුතු කරමින් විවිධ දූෂිත ව්‍යාපාරවල නිරත වී කෝටි ප්‍රකෝටි ගණනක ධනයක් උපයාගත් පුද්ගලයන් කීප දෙනෙකුද සිටින බව අනාවරණය වී ඇත.

ඇතැම් දූෂිත පුද්ගලයන් විවිධ කූඨ ලේඛන පවා සකස්කරගෙන රටින් පලා යෑමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි. ඇතැම් දූෂිතයන් තම පවුල්වල සාමාජිකයන් පවා රැගෙන යෑමට කටයුතු කරමින් සිටිති.

  1. ඕක කියන්න බුද්ධි අංශය ඕන නෑ..මෙතෙක් වුන දේවල් ගැන සාමාන්‍ය ජනතාව බුද්ධ් අංශයට ඉස්සර කීව..මේ වෙලාවෙ ලොකු හොරු රටින් පනින බව පොඩි උන් පවා දන්නව..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40