බීමත් රියදුරෙකු නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ පියා සහ 14 හැවිරිදි දියණිය

මීරිගම – පස්යාල මාර්ගයේ කොටකන්ද හංදිය ආසන්නයේ දී ඊයේ (14) සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පවත් ඇත්තේ 54 හැවිරිදි කල්එලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ ඔහුගේ 14 හැවිදිරි දියණිය බවයි පොලිසිය සඳහන් කළේ.

මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි මෙම පියා සහ දියණිය අනතුරට ලක්කර පලාගොස් ඇති බවයි වාර්තා වුණේ.

අනතුරින් බරපතළ තත්ත්වයේ පසුවූ ඔවුන් දෙදෙනා මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දියණිය උපකාරක පංති නිමව පියා විසින් නිවසට කැඳවාගෙන එමින් සිටිය දී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුකර පලාගිය මෝටර් රථයේ රියදුරු පල්ලේවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයක දී ඔහු බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පල්ලේවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරණු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01
Video thumbnail
කොච්චිකඩේ දේවස්ථානයේ රාත්‍රී දේව මෙහෙය සිදුවූ අයුරු
06:20
Video thumbnail
මහා ජන සෙනඟක් ගෝල්ෆේස් එකේ පිරෙයි..බලන බලන් තැන මිනිස්සු..හැම තැනම විදුලි ආලෝකයෙන් ආලෝකමත් වෙලා
01:41
Video thumbnail
අණ නොතකා ධාවනය කළ රිය කඩවලුත් කා#ගෙන නැවතෙයි
00:50


?