බීමත් රියදුරන් අල්ලන පොලිස් නිලධාරීන්ට පිරිනමන තෑගි මුදල් වැඩිකෙරේ

බීමත්ව සහ මත්ද්‍රව්‍ය පාවිච්චිකර රිය ධාවනය කරන රියදුරන් සම්බන්ධ නඩු ලබාගන්නා පොලිස් නිලධාරීන්ට ලබාදෙන ත්‍යාග මුදල් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි එම නිලධාරීන් අභිප්‍රේරණය කිරීම සඳහා මෙලෙස ත්‍යාග මුදල් ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධිර සඳහන් කළේ.

අද (26) දහවල් පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සකච්ඡාවක එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙම වසරේ මේ දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය පාවිච්චිකර රිය ධාවනය කළ රියදුරන් 790 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම බීමතින් රිය පැදවූ රියදුරන් 5,075කට අධික සංඛ්‍යවක් මෙම මාසයේ මේ දක්වා කාලය තුල අත්අඩංගුවට ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
3
+1
3
+1
4
+1
2
+1
1
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?