බීඩි කොළ තොගයක් මීගමුව, දූව ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස රැගෙන විත් ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබු බීඩි කොළ කිලෝ ග්‍රෑම් 1797කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව, දූව ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව අද උදෑසන සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී යි සැකකරු සහ බීඩි කොළ තොගය හමුවී ඇත්තේ.

නාවික හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව, නාවික හමුදා ගවේෂණ කාර්යය සාධක බලකායේ ද සහය ඇතිව, මීගමුව, දූව ප්‍රදේශයේ අද දින උදෑසන සිදුකරන ලද මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශයේ සැකකටයුතු ‍ලෙස ගමන් කරමින් තිබූ ලොරි රථයක් නීරික්‍ෂණය කර පරීක්‍ෂාවට ලක්කර තිබුණා.

එහිදී, එම ලොරි රථය තුල පාර්සල් 58ක අසුරා ප්‍රවාහනය කරමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 1797ක පමණ තොගයක් සමඟ සැකකරුව නාවික හමුදා භාරයට ගැනුණා.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක් වන අයෙක් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරු, ලොරි රථය සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?