AFC Banner
AFC Banner
Empty Ad

බිළිඳියකට දිවි අහිමි කළ මාරක අනතුර

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ සර්වෝදය පාර හංදිය අසල ඊයේ (09) දහවල් සිදු වූ අනතුරකින් වයස අවුරුදු එකයි මාස 02ක කුඩා බිළිඳියක් මියගොස් තිබෙනවා.

මඩකලපුව සිට එරාවූර් දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් සහ ඇයගේ බිළිඳිය මඩකලපුව රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් අනතුරුයි බිළිඳිය මියගොස් ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් කොකුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
14
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?