බිල වැඩි නොකළොත් දීර්ඝ විදුලි කප්පාදුවක් – මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය අනිද්දා

විදුලි බිල වැඩි කිරීමට අවසර නො ලැබුණහොත් දීර්ඝ විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අද (13) ජාතික සභාවට දැනුම් දුන්නා.

ඔවුන් පවසන්නේ විදුලිය බිල වැඩි නො කළහොත් විදුලිය උත්පාදනය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බවයි.

විදුලිය බිල ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාතික සභාවට අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විදුලිය බල මණ්ඩලයේ ප්‍රධානීන් මේ බව සඳහන් කර සිටියා.

මේ අතර විදුලි බිල සම්බන්ධයෙන්, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය අනිද්දා (15) දිනයේ දී ලබාදීමට නියමිතව තිබෙනවා.

මෙවන් තත්ත්වයක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේවන විට විදේශ ගතව සිටීම විශේෂත්වයක්.

මේ පිළිබඳව අද රැස් වූ ජාතික සභාවේ අවධානයට ලක් වූ අතර, එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ලේකම්වරිය පවසා සිටියේ මීට මාස කිහිපයකට පෙර සැලසුම්කර තිබූ පරිදි නිසි අවසරයකින් පසු ඔවුන් මෙලෙස විදේශ ගත වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29