spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිල වැඩි නොකළොත් දීර්ඝ විදුලි කප්පාදුවක් – මහජන උපයෝගීතා කොමිසමේ අවසන් තීරණය අනිද්දා

විදුලි බිල වැඩි කිරීමට අවසර නො ලැබුණහොත් දීර්ඝ විදුලි කප්පාදුවකට යෑමට සිදුවන බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන් අද (13) ජාතික සභාවට දැනුම් දුන්නා.

ඔවුන් පවසන්නේ විදුලිය බිල වැඩි නො කළහොත් විදුලිය උත්පාදනය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමට පවා නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බවයි.

විදුලිය බිල ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාතික සභාවට අද කැඳවනු ලැබූ අවස්ථාවේදී විදුලිය බල මණ්ඩලයේ ප්‍රධානීන් මේ බව සඳහන් කර සිටියා.

මේ අතර විදුලි බිල සම්බන්ධයෙන්, මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අවසන් තීරණය අනිද්දා (15) දිනයේ දී ලබාදීමට නියමිතව තිබෙනවා.

මෙවන් තත්ත්වයක මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේවන විට විදේශ ගතව සිටීම විශේෂත්වයක්.

මේ පිළිබඳව අද රැස් වූ ජාතික සභාවේ අවධානයට ලක් වූ අතර, එහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ලේකම්වරිය පවසා සිටියේ මීට මාස කිහිපයකට පෙර සැලසුම්කර තිබූ පරිදි නිසි අවසරයකින් පසු ඔවුන් මෙලෙස විදේශ ගත වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?