බිරිඳ මරා සැමියාත් ගෙළ කපාගෙන

ඊච්චන්කුලම් පොලිස් වසමේ කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අද (19) අලුයම් කාලයේ මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවයි.

මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ වයස අවුරුදු 37ක කරුවෙප්පන්කුලම් ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ පුරුෂායා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව සැමියා ද ගෙළ කපා ගැනීම හේතුවෙන් තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවයි ඊච්චන්කුලම් පොලිසිය පැවසුවේ.

ඊච්චන්කුලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?