බිරිඳ ගෙන්වාදෙන ලෙස ඉල්ලමින් පුද්ගලයෙකු පොලිසිය ඉදිරිපිට ගසක නැග විරෝධතාවක්

තම බිරිඳ යළි ගෙන්වා දෙන්නැයි ඉල්ලමින් පුද්ගලයෙකු වව්නියාව පොලීසිය ඉදිරිපිට ගසකට නැග
විරෝධතාවක් සිදු කිරීමේ පුවතක් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මෙම පුද්ගලයාගේ බිරිඳ ඔහුව අතහැර ගොස් ඇති බවයි.

ඊයේ (03) දහවල් කාලයේ 30 හැවිරිදි මෙම පුද්ගලයා වව්නියාව මූලස්ථාන පොලිසිය ඉදිරිපිට ඇති ගසක් මත නැග විරෝධතාවයේ නිරත වුණා.

වව්නියාව බණ්ඩරිකුලම් ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා දෙදරු පියෙක් වන අතර; ගස මත හිඳිමින් පවසා ඇත්තේ බිරිඳ නැති සොවින් සිය දරුවන් දැඩි ශෝකයෙන් කාලය ගත කරන බවයි.

ගසට නැග සිටි පුද්ගලයා බිමට බස්සවා ගැනීමට පොලිස් නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට
සිදු වූ අතර එම ස්ථානයට ගම්වැසියන් ද රැස්වීමෙන් නොසන්සුන් තත්ත්වයක් ද හටගත් බවත් වාර්තා වනවා.

පසුව මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බලන බවට පොලීසිය පොරොන්දු වීමෙන් පසුව එම පුද්ගලයා ගසෙන් බිමට බැස ඇති අතර පසුව ඔහු පොලිස් ස්ථානයට රැගෙන යාමට පොලීසිය විසින් පියවර ගෙන තිබෙනවා.

සිදු කළ පොලිස් විමර්ශනවල දී හෙළිව ඇත්තේ මෙම පුද්ගලයාගේ බිරිඳ අනියම් ඇසුරක් හේතුවෙන් සිය නිත්‍යානුකූල විවාහය අතහැර ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26