AFC Banner
Empty Ad
Empty Ad

බිරිඳට පිහියෙන් අනින්න ගිය කොස්තාපල්ගේ වැඩ තහනම්

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ගාල්ල, නාගොඩ පොලිසිය තුළ දී සිය බිරිඳට පිහියෙන් ඇනීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

පිළියන්දල පොලිසියට අනුයුක්තව සේවය කළ කොස්තාපල්වරයෙකුගේ මෙලෙස වැඩ තහනම් කර ඇති අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඔහු මේ වනවිට අධිකරණ ඇපමත සිටින බවයි වාර්තා වුණේ.

පසුගිය 18 වනදා කොස්තාපල්වරයාගේ බිරිඳ සිදුකළ පැමිණිල්ලක් අනුව නාගොඩ පොලිසියට කැඳවා තිබූ අතර, එහිදී කොස්තාපල්වරයා සඟවාගෙන සිටි පිහියකින් බිරිඳට ඇනිමට තැත්කර තිබෙනවා.

එම අවස්ථාවේ දී එහි සිටි පොලිස් නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු මෙල්ලකර අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

කොස්තාපල්වරයා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අපකීර්තියක් ඇති කර ඇති බැවින්, අපකීර්ති දායක හැසිරීම හා ආයතන සංග්‍රහයට අනුකූලව වරදක් හා විනය කඩ කිරීමක් සිදුකර ඇති බැවින්, ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් මෙලෙස සැකකාර කොස්තාපල්වරයාගේ තහනම් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
4
+1
6
+1
2
+1
0
+1
3
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?