බිරිඳටයි දුවටයි තියුණු ආයුධයකින් කොටා සැමියා පැන ගිහින් – බිරිඳ ජීවිතක්ෂයට

පුද්ගලයෙකු විසින් කාන්තාවන් දෙදෙනෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේ දී එක් කාන්තාවක් මියගොස් ඇති බව පොලිසිය පවසනවා.

පුත්තලම පොලිස් වසමේ කල්අඩිය, හස්ථිපුර ප්‍රදේශයේ දී ඊයේ (07) දහවල් මෙම අපරාධය සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ස්වාමිපුරුෂයා විසින් මෙලෙස සිය බිරිඳට සහ දියණියට තියුණු ආයුධයකින් පහරදී ඇති අතර, පහරකෑමෙන් මියගොස් ඇත්තේ බිරිඳ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම අපරාධය සිදුකර ඇති බවයි මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක්වූ කාන්තාව වයස අවුරුදු 50 ක් වූ කල්අඩිය, පුත්තලම ප්‍රදේශයේ පදිංචිකාරියක්.

සැකකාර ස්වාමි පුරුෂයා අපරාධය සිදුකිරීමෙන් අනතුරුව ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙනවා.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03