බිරිඳගේ ඝාතනයට දස වසරකට පසු සැමියා අල්ලයි

2015 වසරේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවෙක් සැඟව සිටිය දී වසර 10කට පසු අත්අඩංගුවට ගැනීමට පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, මොදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

2015 වසරේ 07 මස 09 වනදා පමුණුගම, පුබුදුගම ප්‍රදේශයේ දී ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා බරපතල තුවාල සිදුකර ඝාතනය කර තිබුණා.

අපරාධය සිදු කිරීමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම සැකකරු සම්බන්ධයෙන් 2019.12.18 වන දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් විවෘත වරෙන්තු නිකුත්කර තිබුණා.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසියට සැකකරු දෙහිවල, ෆෙයාර්ලයින් ප්‍රදේශයේ සැඟව සිටින බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (03) දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?