බිරිඳගේ ඝාතනයට දස වසරකට පසු සැමියා අල්ලයි

2015 වසරේ සිදුකළ මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍යව සිටි සැකකරුවෙක් සැඟව සිටිය දී වසර 10කට පසු අත්අඩංගුවට ගැනීමට පමුණුගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, මොදරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

2015 වසරේ 07 මස 09 වනදා පමුණුගම, පුබුදුගම ප්‍රදේශයේ දී ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳගේ හිසට පෙට්‍රල් දමා ගිනි තබා බරපතල තුවාල සිදුකර ඝාතනය කර තිබුණා.

අපරාධය සිදු කිරීමෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙම සැකකරු සම්බන්ධයෙන් 2019.12.18 වන දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් විවෘත වරෙන්තු නිකුත්කර තිබුණා.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලිසියට සැකකරු දෙහිවල, ෆෙයාර්ලයින් ප්‍රදේශයේ සැඟව සිටින බවට ලැබුණු තොරතුරක් මත ඊයේ (03) දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා මිනිසුන්ට යකා නගියි ?මේක දැන් සුසාන භූමියක්වෙලා..බැකෝ ගෙනල්ලා කැඩුවා
08:29
Video thumbnail
මහා බැංකුවේ හදිසි තත්ත්වයක් ?හෙලිකොප්ටර්වලින් ඇවිත් මහ බැංකුවට බහියි..ගිනි නිවීමේ රථත් කැදවයි
03:07
Video thumbnail
අධිචෝදනා ලබා දීමෙන් පසු ඇප මත මුදාහැරපු කරන්නාගොඩ සහ යෝෂිත - යෝෂිත හැරිලා මූණත් බලලා යන හැටි
01:33
Video thumbnail
උසාවිවල තියෙන ඇත්තම ප්‍රශ්නය මෙන්න මේකයි
02:43
Video thumbnail
හබරකඩ බරකොකු තෛල සත්කාරය රැගෙන හබරකඩ ඔසු අධ්‍යක්ෂවරයා ජපානයාට යයි
02:04
Video thumbnail
දෙල්ගොඩ බිහිසුණු අනතුර CCTV කැමරාවේ - මවයි පුංචි දියණියයි එළොව යයි
01:19
Video thumbnail
චාමරට පාර්ලිමේන්තුවේ යකා නගියි - සරණාගතයෝ 7000ක් ලංකාවට පටවන්න යන්නේ
02:41
Video thumbnail
ගල් බෝතලයක් රු.3700ක් වෙනවා..මිනිස්සු මොනවද බොන්නේ..දයාසිරි නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
03:18
Video thumbnail
චාමර හොඳට අමතද්දි ජනපති අනුර පාර්ලිමේන්තුවට එයි - හිනාවත් දාගෙන බලාගෙන ඉන්න හැටි
03:10
Video thumbnail
ශ්‍රී පාද සංචාරයේ ආ මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ අනතුර
01:06