spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බියගම උප සභාපතිගේ නිවසට අලාභ හානි කළ අයෙක් අල්ලයි

බියගම ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ නිවසට හා වෙළඳසැලට පහරදී අලාභ හානි සිදු කිරීමට සම්බන්ධ සැකකරුවෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය ප්‍රකාශ කළේ පසුගිය 2022 වසරේ මැයි මස 9 වනදා දිවයින පුරා පැවති කළහකාරී සහ ප්‍රචණ්ඩකාරී සිදුවීම අතර සැකකරු උප සභාපතිවරයාගේ දේපලවලට අලාභ හානි සිදුකර ඇති බවයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබූ අතර ඒ අනුව සිදු කළ විමර්ශනයකට අදාළව ඊයේ රාත්‍රී කඩවත ප්‍රදේශයේදී සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

54 හැවිරිදි මෙම පුද්ගලයා කඩවත පහල බියන්වල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අතර කඩවත පොලිසිය වැඩිපුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?