බිම්ස්ටෙක් සංවිධානයේ උප සමුහයේ දෙවන සමුළුව රැස්වේ

තැනැත්තන් වෙළෙඳාම මැඩලීම පිළිබඳ බිම්ස්ටෙක් සංවිධානයේ උප සමුහයේ දෙවන සමුළුව රැස්ව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සංවිධායකත්වයෙන් ජුනි මස 26 -27 දෙදින තුළ කොළඹ දී මෙය පැවැත්වූ බවයි මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ.

ජාතික බුද්ධි ප්‍රධානී සහ ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ව ජාතික කාර්ය සාධක බලකායේ නිල කමිටුවේ ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර, ඉන් අනතුරුව බිම්ස්ටෙක් සංවිධානයේ ආරක්‍ෂක අංශ ප්‍රධානී MD Mosharaf Hossain විසින් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබුවා.

සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂවරිය වන Sarah Lou Arriola මෙනෙවිය ද මෙහිදී සිය අදහස් ප්‍රකාශ කළා.

මෙහිදී බිම්ස්ටෙක් සංවිධානයේ සාමාජික රටවල් වන බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල නියෝජිත නිලධාරීන් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ තැනැත්තන් වෙළෙඳාම හා අනෙකුත් මිනිස් ජාවාරම් සම්බන්ධ අපරාධ වැළැක්වීම සඳහා ඔවුන්ගේ රටවල් මගින් ගෙනයනු ලබන ක්‍රියාමාර්ග හා නීති පද්ධතිය පිළිබඳ ව කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

සමුළුව අතරතුර දී බිම්ස්ටෙක්හි සාමාජික රටවල නියෝජිතයන් විසින් බෙංගාල බොක්ක ආශ්‍රිත කලාපයේ තැනැත්තන් වෙළඳාම මැඩලීම වෙනුවෙන් පොදු සැලැස්මක් ඇති කිරීමේ අවශ්‍යතාව පිළිබඳ ව ද සාකච්ජා කළ අතර, එමගින් බිම්ස්ටෙක්හි පාර්ශ්වකරුවන් අතර ඇති වන ඵලදායිතාව හා අන්‍යෝන්‍ය සහයෝගීතාව ද අවධාරණය කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටි බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43
Video thumbnail
ජුලී චං ඉදිරියේ අනුර අනේපිඬු සිටුතුමා වගේ කීකරුවෙලා..කිරිබත් කාලම හොඳම එකෙන් කිව්ව ගම්මන්පිල
07:50
Video thumbnail
රතු නිවේදන නිකුත් කළ විදෙස්ගත සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද මෙරටට ගෙන එයි
02:54
Video thumbnail
පොලිසිය සහ ජනතාව අතර දැඩි උණුසුම් තත්වයක්..මිනිස්සු කුපිත පොලිසිය එක්ක ඇරගයි
10:30
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:25
Video thumbnail
ප්‍රසිද්ධ වෙළෙඳ ප්‍රදර්ශනාගාරය ලොකු ගින්නක්..මහ සෙනඟක් වටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
01:51
Video thumbnail
යාපනයේ Jogging යන ජනපති සහෝදරයා
00:45
Video thumbnail
විදේශිකයන් රැගත් වෑන් එකක් ග්‍රෙගරි වැව අසළ සිදුවූ බිහිසුණු අනතුර
01:09
Video thumbnail
අජිත්ගෙන් ලාල් කාන්තට සැර සත්තමක්.."කිසිම සමාවක් දෙන්න බැරි පහත් විවේචනයක් කළේ"
06:53


?