බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍රයෙන් ඉහළට

උත්සව සමය එළැඹීමත් සමග මෙරට වෙළෙඳපොළේ බිත්තර සහ කුකුළු මස් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.

අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ ඉදිරි දින කිහිපය තුළ මිල පාලනය කිරීමට වෙළෙඳුන් සහ නිෂ්පාදකයින් කටයුතු නොකරන්නේ නම් බිත්තර සහ කුකුළු මස් ආනයනය කිරීමට පියවර ගන්නා බවයි.

මෙරට දෛනික කුකුළු මස් පරිභෝජනය මෙට්‍රික් ටොන් 500ක්.

නමුත් උත්සව සමය එළැඹීම සහ සංචාරක හෝටල් රැසක් දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී පැවතීම මත කුකුළු මස් සඳහා ඇති දෛනික ඉල්ලුම මෙට්‍රික් ටොන් 600ක් පමණ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පාරිභෝගිකයන් පවසන්නේ දැනට සති දෙකකට පමණ පෙර සම සහිත කුකුළු මස් කිලෝ ග්‍රෑම් 1ක් රුපියල් 850ක පමණ මිලට වෙළෙඳපොළේ අලෙවි කෙරුණ බවයි.

එළවළු සහ මත්ස්‍ය මිල ගණන් පහළ මට්ටමක පැවතීම හේතුවෙන් කුකුළු මස් සඳහා පැවති ඉල්ලුම අඩු වීම එලෙස මිල පහළ යෑමට හේතුවූ බව වෙළෙඳුන් පවසනවා.

කෙසේ වෙතත් අද වන විට සම සහිත කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 950ත් 1200ත් අතර මිලකට ද සම රහිත කුකුළු මස් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1200ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර දේශීය වෙළෙඳපොළේ බිත්තර මිල යළිත් ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයන් දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.

ඇතැම් ප්‍රදේශවල බිත්තර අලෙවිසැල්වල රතු බිත්තරයක් රුපියල් 62 කටත්, සුදු බිත්තරයක් රුපියල් 59ත් 60ත් අතර මිලකටත් අලෙවි වනවා.

උත්සව සමයේ අතිරේක වාසි ලබා ගැනීම සඳහා මෙලෙස මිල ඉහළ නංවා ඇතැයි පාරිභෝගිකයන් මැසිවිලි නඟනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
1
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?