බිත්තර අලෙවියට චූන් පාන් රථ

චූන් පාන් රථ මඟින් බිත්තර අලෙවි කිරීමට සූදානම් බව සමස්ත ලංකා ආපනාශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඊයේ (29) කොළඹ දී මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති අසේල සම්පත් මේ බව සඳහන් කළා.

එමෙන්ම සතොස සහ සුපිරි වෙළඳසැල් මඟින් බිත්තර අලෙවි කිරීම සිදු නොකරන්නේ කුමන හේතුවක් මත ද යන්න ඔහු මෙහිදී විමසා සිටියා.

මේ අතර බිත්තර නිෂ්පාදකයින් පොරොන්දු වූ පරිදි රුපියල් 55.00ක මිලකට බිත්තර බෙදාහැරීම අද (30) දිනයේදී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකම සිදුකරන බව වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?