පෞද්ගලික ආරවුලක් හේතුවෙන් යකඩ පොල්ලකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වන්නේ ඊයේ (05) පස්වරුවේ තණමල්විල – හම්බෙගමුව, ඇදකෝණය ප්‍රදේශයේදියි.
සැකකරු විසින් සිය බිරිඳගේ පියා වෙත මෙලෙස පහර දී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
30 හැවිරිදි සැකකරු ඝාතනයෙන් පසුව ප්‍රදේශයෙන් පලා ගොස් සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණා.
අත්අඩංගුවට පත් පුද්ගලයා හා බිරිඳ අතර කලක සිට පවුල් ආරවුල් පැවති බවත්, සැකකරු විසින් බිරිඳට නිතරම පහරදෙන බැවින් ඒ ගැන විමසීමට ඇයගේ පියා නිවසට ආ අවස්ථාවේදියි සැකකරු උරණ වී පහරදීම සිදු කර ඇත්තේ.
පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ 58 හැවිරිදි විතාරණගේ ගාමිණී යන අය ඇඹිලිපිටිය මුලික රෝහලට ඇතුළත් කර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මරණකරුව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කෙරුණා.
පසුව එහි ප්‍රතිකාර ලබා යළිත් ප්‍රතිකාර වෙනුවෙන් ඇඹිලිපිටිය මූලික රෝහලට මාරු කෙරුණු අතර එසේ ගිලන් රථයේ රැගෙන එමින් සිටියදී පෙරේදා පස්වරුවේ ජීවිතක්ෂයට පත් වුණා.
සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.





