AFC Banner
Empty Ad
Empty Ad

බැඳුම්කර ගනුදෙනු පැහැර හරින්නේනම් ඩොලර් මිලියන 280ක් ශ්‍රී ලංකාව ගෙවිය යුතුයි – නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය

බැඳුම්කර ගනුදෙනු පැහැර හරින්නේනම් ඩොලර් මිලියන 280ක් ගෙවන ලෙසට ශ්‍රී ලංකා රජයට ඇමරිකානු අධිකරණයක් නියෝගයක් නිකුත්කර තිබෙනවා.

නිව්යෝර්ක් ෆෙඩරල් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ අමෙරිකාවේ හැමිල්ටන් රිසර්ව් බැංකුව විසින් සිය බැඳුම්කර ගෙවීම පැහැර හැරීමට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

2022 වසරේ ජූලි 25 වන දින ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා 5.875%ක පොලියක් ගෙවීමට එකඟතාව පළකර තිබූ නමුත් රටේ පැවති මූල්‍ය අර්බුදය හේතුවෙන් එම පොලි ගෙවීම් පැහැර හැර ඇති බව පැවසෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව හැමිල්ටන් රිසර්ව් බැංකුව ගොනු කළ නඩුව නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපද අධිකරණයෙන් ඉල්ලා ඇතැයි බ්ලූම්බර්ග් නාලිකාව වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?